Saturday, August 23, 2014

හැදින්වීමක්

තාක්ශණය  (Technology ) කියන්නේ  අද කාටත්  නැතුවම   දෙයක් . ඒ අතරින් තොරතුරු  තාක්ශණය  කියන්නේ ලෝකේ වැඩිම  වේගයිකින් දියුණු වෙන වැඩිම වෙගයිකින් වෙනස් වෙන වැඩිම රැකියා ප්‍රමාණයක් සදහා හේතු වන තාක්ශණය කියල කිව්වොත් හරි. ඒක නිසා  බ්ලොග් එකට  තාක්ෂණය  කියන පුලුල්  මාතෘකාව දැම්මට බ්ලොග් එකෙන් වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  තොරතුරු තාක්ෂණය ගැන. ඊට අමතරව තාක්ෂණ ලෝකයේ  අලුත් ප්‍රවණතා අලුත් සොයා ගැනීම් ඔබ  වෙත  ගෙන එන්නත්  මම බලාපොරොත්තු වෙනවා.

ලංකාව කියන්නේ තාම දුප්පත්  රටක් , අපි පොඩි කලේ ඉගෙන ගත්ත වගේම තුන් වෙනි ලෝකේ රටක්. අපි රටේ  ප්‍රදාන  විදේශ විනිමය ගෙනෙන දේ තේ ,පොල් ,රබර් කියල ගොඩ දෙනෙක් හිතුවට අපේ රටේ ප්‍රදාන විදේශ විනිමය ගෙනෙන දේ තමයි අපේ රටේ  අම්මල අක්කල මැද පෙරදිග ගිහින්  පිගන් කෝප්ප හෝදලා , ගෙවල් ඇතුගලා දීල හොයන සල්ලි. මගේ අදහස නම් මේ ලෝකේ තොරතුරු තාක්ෂණය කියල දෙයක් තියෙද්දී අපි මේ වගේ දුක් විදින්න ඕනේ නෑ කියන එකයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියන්නේ කවදාවත් අඩු නොවෙන  රැකියා  ප්‍රමාණයක් නිරන්තරයෙන් ලෝකෙට මවන ක්ෂේත්‍රයක්. ඔබ හිතනවා ඇති කොහොමද තොරතුරැ තාක්ෂණය ගැන ඉගෙන ගත්ත කියල අපේ රට දියුණු වෙන්නේ අපි කොහොමද දියුණු වෙන්නේ කියල .
තොරතුරැ තාක්ශණය ආශ්‍රිත ලංකාවේ දැනට තියෙන රැකියා ,අනෙක් රැකියා වලට  සාපේක්ෂව ඉහළ වැටුප් ප්‍රමාණයක් ගෙවනවා . ඒ වගේම හිතන්නකෝ ඔබට කාගෙවත්  යටතේ  වැඩ කරන්න ඔන්නැ  ඔබට ඕනේ ඔබගේම ආයතනක්  පටන් ගන්න කියල . මේ ක්ෂේත්‍රය  තරම් නව ආයතනයක්  ආරම්භ  කරන්න පහසු ක්ෂේත්‍රයක් නැ .ඔබට තියෙන්නේ ඔබේ ව්‍යාපාරයේ නම  ලියාපදිංචි  කරලා . ව්‍යාපාරය නමින් වෙබ් අඩවියක් හදල  ඒ හරහා ලැබෙන රැකියා තමන්ගේ පරිගණකය පාවිච්චි කරලා කරන එකයි . පස්සේ ලැබෙන අදායමෙන්  ඔබට ව්‍යාපාරයට අවශ්‍ය ගොඩනැගිලි හා අනෙකුත්  දැ ගොඩ නගන්න පුළුවන්. එහෙම නැතිනම් නිදහස් වුර්තිකයෙක් විදිහට අන්තර් ජාලය  තුලින්  වැඩ කරන්න පුළුවන් . ඇන්රොයිඩ් , ඇපල් ,වින්ඩොව්ස්   ෆෝන් වලට මෘදුකාංග හදල ඒ හරහා අදායම් උපයන්න පුළුවන් . තව කොච්චර ක්‍රම තියෙනවද තොරතුරැ තාක්ශණය තුලින් අදායම් උපයන්න පුළුවන් .අවශ්‍ය දේ තමයි  තොරතුරු තාක්ෂනය තුල කුමක් හෝ දෙයක් ඔබ හරියට ගැබුරින් ඉගෙන ගන්න එක. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂනය කියන්නේ ගොඩක් පුලුල් ක්ෂේත්‍රයක්, ඒ තුල තමන්ට ගැලපෙන දේ තෝරා ගන්න එක ගොඩක් වැදගත් .

මම හිතනවා ඔබට තොරුතුරු තාක්ශනයේ  වැදගත් කම ගැන යම් අවබෝදයක්  ලැබෙන්න ඇති කියල. එහෙනන් අපි අද ඉදන් තොරතුරු  තාක්ෂණයේ  යම් යම් මාතෘකා ඉගෙන ගනිමු .